මාරාන්තික ඩෙංගු රෝගය හේතුවෙන් වසරේ මේ දක්වා සිදු වූ මරණ සංඛ්‍යාව 30ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අංශ සඳහන් කළේ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 49,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන බවයි.
එමෙන්ම මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14ක් පුරා ඩෙංගු රෝගය දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව එම අංශය වැඩිදුරටත් සඳහන් කළා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ සමස්ත රෝගීන්ගෙන් 25,000කට අධික සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබෙන බවයි.
ඩෙංගු රෝගීන් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් IDH (අංගොඩ බෝවන රෝග විද්‍යායතනය), කොළඹ ජාතික රෝහල, කළුබෝවිල සහ ගම්පහ ඇතුළු ප්‍රධාන රෝහල් රැසක් මේ වන විටත් සිය උපරිම ධාරිතාවට ළඟා වී තිබෙනවා.
(colobotimes.lk)
