වෙනිසියුලාවේ උතුරු වෙරළ තීරයට බලපෑ ප්‍රබල භූකම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 188ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයන් 1,520 දෙනෙක් තුවාල ලබා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.
එමෙන්ම පුද්ගලයන් 157දෙනෙක් තවමත් අතුරුදන්ව සිටින අතර සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කරන පුද්ගලයන් 200කට අධික පිරිසක් සොයා මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි 250ක් සහ වෙළඳ සංකීර්ණ 20ක් ඇතුළු යටිතල පහසුකම් ස්ථාන 346කට හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම රෝහල් 8කටද බලපෑම් එල්ල වී තිබෙනවා.
(colombotimes.lk)
