26 June 2026

logo

ජපානයට භූ කම්පනයක්



ජපානයේ, ටෝකියෝ නගරය අසල පිහිටා ඇති චිබා ප්‍රාන්තයේ රික්ටර් මාපක 5.8ක ප්‍රබල භූ කම්පනයක් සිදු වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ දක්වා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි. 

පැයකටත් අඩු කාලයක් තුළ එරට තුළ වාර්තා වූ 02වන භූචලනය මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එමෙන්ම ජපානයේ ටෝකියෝ නගරය අසලට පිහිටා ඇති දකුණු ඉබරාකි ප්‍රාන්තයේ රික්ටර් මාපක 4.1ක භූ කම්පනයක් එරට වේලාවෙන් පෙරවරු 11.49ට සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)