26 June 2026

logo

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවයි



2025(2026) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ඊයේ (25) සිට ජූලි 08වනදා දක්වා සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් සහ පෞද්ගලික සියලුම අයදුම්කරුවන් තමන් විසින්ම අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර වෙනත් ක්‍රමයක් හරහා අයදුම්පත් භාර නොගන්නා බවයි. 

එමෙන්ම අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස අපගේ සේවා යටතේ ඇති 'Exam Information Centre' මත Click කිරීම හරහා අයදුම් කළ යුතු බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. 


(colombotimes.lk)