20 November 2024


පොහොර සහනාධාරයේ දෙවන අදියරට රුපියල් මිලියන 1221ක්



මහ කන්නයේ පොහොර සහනාධාරයේ දෙවන අදියර සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1221ක් ඉල්ලා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ සඳහන් කළේ පොහොර සහනාධාරයේ ගෙවීම් මේ වන විට දිස්ත්‍රික්ක 23ක ආරම්භ කර ඇති බවයි.

ඒ ඒ දිස්ත්‍රික්කවල වගා කටයුතු ආරම්භ වන ආකාරය අනුව ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)