09 January 2026

logo

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ විශේෂ සාකච්ඡාවකට රැස්වෙයි



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා​වක් අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර මහ මැතිවරණයෙන් එම පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 02ක් හිමිවූ අතර එයින් එක් මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායක ඊයේ (18) නම් කළා.

කෙසේ වෙතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම එම පක්ෂයේ අනෙකුත් පාර්ශවල අනුමැතියකින් තොරව නම් කර ඇති බවට මේ වන විට චෝදනා එල්ල වී තිබෙනවා.

(colombotimes.lk)