01 July 2025

logo

නව රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශේෂ දැනුම්දීමක්



දසවන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා පෙ.ව 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.

ලබන 21වනදා පෙ.ව 10.00ට දසවන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම ආරම්භවීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර කියා සිටියේ පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමු කරන බවයි.

අනතුරුව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ගණපූර්ණ සීනුව නාද කරන තෙක් එහි රැදී සිටි යුතු බවද ඇය සඳහන් කළා.

(colombotimes.lk)