19 November 2024


රුසියාවට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි



ඇමරිකාවේ නිෂ්පාදිත දිගු දුර මිසයිල යොදා ගනිමින් රුසියාවට පහරදීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් යුක්රේනයට අවසර ලබාදී තිබෙනවා.

ඒ යුක්රේන ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි.

ඉදිරි දින කිහිපය තුළ දිගු දුර මිසයිල යොදා ගනිමින් පළමු ප්‍රහාරය එල්ල කිරීමට යුක්රේනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

යුක්රේනය එම තීරණය ගෙන ඇත්තේ රුසියාව යුද්ධය සඳහා උතුරු කොරියානු හමුදාව යොදා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන්.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ඇමරිකාව මෙතෙක් නිල ප්‍රකාශයක් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

රුසියානු ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ ජාත්‍යන්තර කටයුතු කමිටුවේ නියෝජ්‍ය ප්‍රධානී Vladimir Dhabrov සඳහන් කළේ යුක්රේනයට අවසර දෙමින් ඇමරිකාව ගත් තීරණය 03 වන ලෝක යුද්ධයක් ඇති වීමට හේතු වන බවයි.

(colombotimes.lk)