20 November 2024


පාර්ලිමේන්තුවේ නව සභාවාරය හෙට පෙරවරු 10ට ඇරඹෙයි



දසවන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට (21) උදෑසන 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහනධීර සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී තිබෙනවා.

ඒ අනුව නව සභාවාරය උදෑසන 10.00ට ආරම්භ කිරීමට නියමිතයි.
 
පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමු කරන බවද ඇය ප්‍රකාශ කළා.
 
එමෙන්ම ලේකම්වරිය වැඩිදුරටත් කියා සිටියේ අනතුරුව මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ප්‍රවේශ ශාලාවට පැමිණ ගණපූර්ණ සීනුව නාද කරන තෙක් එහි රැදී සිටි යුතු බවයි.

(colombotimes.lk)