පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා අයදුම් කළ සිසුන්ට ලියාපදිංචිවීමට දුන් කාලය අවසන් වී තිබෙනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ ලියාපදිංචිවීමට දුන් කාලසීමාව තුළ සිසුන් 40000ක් පමණ ලියාපදිංචි වී ඇති බවයි.
ඒ අනුව වෛද්‍ය පීඨ සියල්ලටම සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට සිසුන් බඳවා ගැනීම සඳහා ඉදිරි පියවර ගැනීමට ලියාපදිංචි ලේඛන යොමු කළ බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ප්‍රකාශ කළා.
මෙවර විශ්වවිද්‍යාල සඳහා අයදුම් කළ සිසුන් සංඛ්‍යාව දැක්වෙන්නේ 43000ක් ලෙසයි.
(colombotimes.lk)