20 November 2024


නිල නිවාස භාරදී ඇති මන්ත්‍රීවරු ගණන පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රකාශ කරයි



හිටපු අමාත්‍යවරුන්ගෙන් නිල නිවාස මෙතෙක් භාරදී ඇත්තේ අමාත්‍යවරු 35ක් පමණක් බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය ප්‍රකාශ කළා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ නිල නිවාස අද (20) භාරදෙන ලෙස ඔවුන්ට දැනුම්දී ඇති බවයි.  

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 108 දෙනෙක්ට පසුගිය කාලයේ නිල නිවාස ලබාදී තිබෙනවා.

මහ ලේකම්වරිය සඳහන් කළේ 10 වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සඳහා නිල නිවාස ලබාදීම ලබන මස 03 වනදායින් පසු සිදු කරන බවයි.

නිල නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එම පියවර ගත් බවද ඇය ප්‍රකාශ කළා.

(colombotimes.lk)