වෙළෙඳපොළ තුළ මේ වන විට උද්ගතවී ඇති සහල් අර්බුදයට විසඳුමක් ලෙස අද (04) සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කළා.
ඒ අද (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එම සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි බවයි.
(colombotimes.lk)