11 January 2026

logo

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය පත්වෙයි



පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පත් කර තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඊයේ (03) රැස්වූ අවස්ථාවේදීයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානි බණ්ඩාර කිරිඇල්ල සහ සමන්මලී ගුණසිංහ එම සංසදයේ නියෝජ්‍ය සම සභාපතිවරියන් දෙදෙනෙක් ලෙස තේරී පත්වූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)