11 January 2026

logo

ITAK මන්ත්‍රීවරු ජනපති හමුවෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (04) පවත්වා තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

එහිදී ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දීර්ඝ කාලයක සිට උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙමින් සිටින ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබෙනවා.

සිවඥානම් ශ්‍රීධරන්, පත්මනාදන් සත්‍යලිංගම්, සන්මුගම් කුගදාසන්, ෂානක්කියන් රාසමාණික්කම්, ඥානමුත්තු ශ්‍රීනේසන්, කවීන්දිරන් කෝඩීස්වරන්, ඉලයතම්බි ශ්‍රීනාත්, තුරෙයිරාසා රවිහරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එම අවස්ථාවට එක් වූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)