20 January 2025


දකුණු කොරියානු ජනපතිගේ යුද නීතියට එරට පාර්ලිමේන්තුවේ දැඩි විරෝධය



දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් විසින් ඊයේ (03) සිය රට තුළ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කළා.
 
එයට විරෝධය දැක්වීම සඳහා අද (04) අලුයම් කාලයේ රැස්වූ පාර්ලිමේන්තුව විසින් හමුදා නීතියට එරෙහිව ඒකමතිකව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු කළ අතර ඊට මන්ත්‍රීවරුන් 190දෙනෙක් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

එම තත්ත්වය තුළ ජනාධිපතිවරයාට සිය තීන්දුව හකුලා ගැනීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ අද දහවල් එරට විපක්ෂය විසින් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර ඉදිරි පැය 72 තුළ අදාළ යෝජනාව විවාදයට ගෙන ඡන්ද විමසීමක් පැවැත්වෙන බවයි.

(colombotimes.lk)