ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය හෙට (05) සිට අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ එම සමාගම විසින් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතුව තිබූ සුරාබදු හා ඊට අදාළ 3%ක මාසිකව ගෙවිය යුතු අධිහාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන්.
සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ සුරා බදු ආඥා පනතේ නෛතික විධි විධාන ප්‍රකාරව මෙම පියවර ගත් බවයි.
අදාළ හිඟ බදු මුදල් හා අධිහාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත් කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර දෙසැම්බර් 31වන දිනයෙන් පසු දීර්ඝ නොකිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)