colombotimes.lk
සිංහල | English

06 May 2024

උගන්ඩාවේ බෝට්ටු අනතුරකින් 20 දෙනෙකු මිය යයි



උගන්ඩා මුහුදේදී බෝට්ටුවක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ පුද්ගලයින් 34 දෙනෙකු සිට ඇති බවට විශ්වාස කෙරෙන බවයි එරට පොලිසිය පවසන්නේ. 
 
මේ වනවිට පුද්ගලයන් 9 දෙනෙකු බේරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. 
 
අධික බර පැටවීම සහ අයහපත් කාලගුණය අනතුරට හේතුව ලෙසයි හඳුනාගෙන ඇත්තේ. 
 
අතුරුදහන්වූවන් සොයා ගැනීම සඳහා පොලිස්, හමුදා සහ ප්‍රාදේශීය ප්‍රජා කණ්ඩායම් ඒකාබද්ධව ගලවා ගැනීමේ ප්‍රයත්නයන් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන්.
(colombotimes.lk)