20 May 2025


යුද හමුදා සාමාජිකයින් 9,770ක් සේවයෙන් ඉවතට



නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත් කළ බව යුද හමුදා මූලස්ථානය පවසනවා.

අප්‍රේල් මස 20 වනදා සිට ශ්‍රී ලංකා යුද හමුදාවේ නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින නිලධාරීන් හා සෙසු නිලයන් හට නිත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබුණා.

ඒ අනුව එම පොදු සමා කාලය තුළ මේ වන විට යුද හමුදා සාමාජිකයින් 9,770 දෙනෙකු සේවයෙන් ඉවත් වී ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළා.
(colombotimes.lk)