colombotimes.lk
සිංහල | English

19 May 2024

අවාරේ සිරිපා කරුණාවෙන් දේපළවලට ලක්ෂ 20ක අලාභයක්



අවාරයේදී සිරිපා කරුණා කළ ස්වදේශිකයන්ගෙන් සිදු වූ දේපළ හානිය පිළිසකර කිරීමට රුපියල් ලක්ෂ 20කට වඩා වැය කිරීමට සිදුවනු ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පවසනවා.

ස්වදේශික සංචාරකයින්ගේ ඉල්ලීම් සළකා බලා පසුගිය වසරේදී පමණක් වන්දනාවට ඉඩ ලබා දුන් බවත් එහිදී සිදු කළ හානිය බරපතළ යැයි දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණය කළා.

මේ හේතුවෙන් අවාරයේ ස්වදේශිකයන්ට වන්දනාවට ඉඩ ලබා නොදෙන බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.

(colombotimes.lk)