18 September 2025

logo

2023 උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද



2023 උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අද (20) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

නැටුම්, සංගීත, නාට්‍ය හා රංග කලාව සහ ගෘහ ආර්ථික විද්‍යාව විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මෙම විෂයන් වල පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත් අයැදුම්පතෙහි සඳහන් ලිපිනයන්ට ද යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

ඊට අමතරව විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ප්‍රවේශපත් භාගත කළ හැකියි.
(colombotimes.lk)