පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ඒ හේතුවෙන් කථානායකයවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල් තබා තිබෙන බවයි වාර්තා වන්නේ.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිගත නොහැකි බවට ඊයේ (10) දිනයේදී කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.
එයට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ස්ථාවර නියෝග යටතේ කියා සිටියේ අදාළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණය ඉදිරිපත් කිරීමට කථානායකවරයා වෙත ලබාදී ඇති නීතිපතිවරයාගේ සහ ලේකම් මණ්ඩලයේ වාර්තාව සභාගත කරන ලෙසයි.
කෙසේවෙතත් අද දිනයේ දී ද මෙම විශ්වාසභංග යෝජනාවට කථානායකවරයා පිළිනොගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු සිය විරෝධය පළ කර තිබෙනවා.
එමෙන්ම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළේ විශ්වාසභංග යෝජනාව ගෙනඒමට නොහැකි යැයි පැවසීම පදනම් විරහිත ප්‍රකාශයක් බවයි.
(colombotimes.lk)