අද අපි කතා කරන්නේ Relationship එකක ඉන්න ඔයාට. මොකද Relationship එකක් තියෙන හැමෝම හැම වෙලාවෙම හිතන්නේ තමන් ආදරේ කරන කෙනත් එක්ක සතුටින් ඉන්නේ කොහොමද කියන එක ගැන. හැබැයි සමහරවිට ඔයා හිතනවා ඇති ඒකට Perfect කෙනෙක් ඕනේ කියලා. එහෙම නැහැ. අද අපි කතා කරමු ඒ ගැන. ඔයාගේ Relationship එක ඇතුලේ දෙන්නත් එක්ක සතුටින් ඉන්නේ කොහොමද කියලා අද Colombo Times අපි කියනවා.
1. ගෞරව කරන්න
ආදරය තියෙන්න ඕනේ. හැබැයි එකිනෙකා කෙරෙහි ගෞරවයක් නැත්නම් ආදරේ නැති වෙලා යනවා. සැබෑ සතුට තියෙන්නේ එකිනෙකාගේ පෞද්ගලිකත්වයට, සිහිනවලට, අදහස්වලට වගේම එයාලා ඉන්න විදිහට, ඒ කියන්නේ එයාලගේ Personal Space එකට Respect කරන්න එකෙන්.
හැබැයි සමහර අය තමන්ගේ Partner ට ගෞරව කරන්නේ නැහැ. හැබැයි ඒ අය ගෞරවය බලාපොරොත්තු වෙනවා. එහෙම නම් Relationship එකක් ඉස්සරහට අරගෙන යන්න අමාරුයි.
ඒ නිසා එකිනෙකාට ගෞරව කරන්න පුරුදු වෙන්න. ඒකෙන් එකිනෙකා කෙරෙහි විශ්වාසය, ආදරය, ආරක්ෂාව ගොඩනැගෙනවා වගේම සතුටින් ඉන්න පුළුවන්.
2. සන්නිවේදනයත් වැදගත්
සන්නිවේදනය කියන්නේ ඕනේ තැනකට, ඕනෙම කෙනෙක්ට ඕන දෙයක්. හැබැයි සන්නිවේදනය කියන්නේ කතා කරන එක විතරක් නෙමෙයි. සවන් දෙන එකත් සන්නිවේදනයක්. සතුටින් ඉන්න ඕනේ නම් ඔයා කියන දේවල් එයත්, එයා කියන දේවල් ඔයත් කිසිම විනිශ්චයක් නැතුව අහගෙන ඉන්න ඕනේ.
මොකද ගොඩක් අය කරන්නේ තමන් කතා කරනවා, හැබැයි අනිත් කෙනා කියන දේට ඇහුම්කන් දෙන්නේ නැහැ. එහෙම නැත්නම් කියන දේ කියන්නත් කලින් විනිශ්චය කරලා ඉවරයි. එහෙම නෙමෙයි. අපි අපේ Partnerට ආදරේ නිසා, විශ්වාසය නිසා තමයි අපේ හැඟීම්, අපිට අහන්න, කියන්න තියෙන දේවල් කියන්නේ. හැබැයි ඒ දේවල් වැරදියට වටහාගෙන, ඒවා ගැන විනිශ්චය කරන්න ගියොත් නම් රණ්ඩු වෙන්න තමයි වෙන්නේ. අන්තිමට Stress වෙලා Breakup වෙන්න වුණත් හිතෙන්න පුළුවන්. ඒ නිසා හැමදාම ආදරෙන් ඉන්න ඕනේ නම් දෙන්නට දෙන්න ඇහුම්කන් දෙන්න, හොඳ විදිහට සන්නිවේදනය කරන්න.
3. පුංචි දේවල් වුණත් Celebrate කරන්න
අපි හැමවෙලාවෙම හිතන්නේ ලොකු ලොකු දේවල් තමයි Celebrate කරන්න ඕනේ කියලා. එහෙම නැහැ. අපිට පුළුවන් අපේ පුංචි පුංචි දේවල් වුණත් Celebrate කරන්න. ඒක දෙන්නත් එක්ක තේ එක Share කරගෙන බොන එක, නැත්නම් Message එකක් යවන එක, එහෙමත් නැත්නම් දෙන්නත් එක්ක හවසට තේ එකක් බොන ගමන් රස කෑමක් කන ගමන් Chat එකක් දාන එක වගේ දෙයක් වුණත් කරන්න පුළුවන්.
ඒ දේවල් ගැන ඔයාලා මීට කලින් හිතලා නැහැ නේද? එක සැරයක් කරලා බලන්න. ඊටපස්සේ පුංචි දේවල් වුණත් Celebrate කරන්න ඇබ්බැහි වෙයි. මොකද ඒක ඒ තරම් සුන්දරයි.
4. වෙන් වෙන්න එපා
වෙන් වෙන්න එපා කිව්වේ Breakup වෙන්න එපා කියලා නෙමෙයි. අපි ජීවත් වෙන්නේ එක දේවල් එක්ක. රැකියාව, ගෙදර, අභියෝග මේ හැමදේම එක්ක තමයි අපි ජිවත් වෙන්නේ. හැබැයි සමහර වෙලාවට මේ හැමදේම Stress එකක් වගේ ඔයාට දැනිලා ඇති. එහෙම වෙලාවල් ඔයාට වගේම එයාටත් තියෙනවා. එහෙම වෙලාවට එයාව අතාරින්න එපා. එයාට Support කරන්න. දෙන්නත් එක්ක තරග කරන්න යන්න එපා. මම තමයි ඔයාට වඩා මහන්සි වෙන්නේ, ඔයා මොනවද කරන්නේ වගේ දේවල් කියන්න එපා. මොකද ඒකෙන් එයාට ඔයාව වගේම ඔයාට එයාවත් එපා වෙනවා.
ඒ නිසා හැමවෙලාවෙම ඔයාගේ පාට්නර්ට උදව් කරන්න. Stress වෙලවට පොඩි Head Massage එකක් දෙන්න, තේ එකක් හදලා දෙන්න, කන්න කැමති දෙයක් හදලා දෙන්න. ප්‍රශ්නයක් නම් දෙන්නත් එක්ක එකතු වෙලා ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න. මේ වගේ දේවල් ඕනේ තරම් තියෙනවා. ඒ දේවල් කරලා බලන්න. එතකොට ඔයාලට හැමදාම ආදරෙන් ඉන්න පුළුවන්.
5. ආදරය තෝරාගන්න
ආදරය කියන්නේ එක සැරයක් පොරොන්දු වුණාම හැමදාටම වලංගු වෙන දෙයක් නෙමෙයි. ඒක ටිකෙන් ටික අඩු වෙන්න, වැඩි වෙන්න, නැති වෙලා යන්න පුළුවන්. ගැහැණු ළමයි නම් ඕනේ තරම් තමන්ගේ Boyfriendගෙන් අහනවා ඇති ඔයා මට ආදරෙයිද? කොච්චර ආදරෙයිද කියලා. සමහර විට ඒ ප්‍රශ්නෙට Boyfriendට උත්තර දීලම එපා වෙලා ඇති. ඒ වුණාට ගැහැණු ළමයින්ට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති දෙයක් තමයි Boyfriendගෙන් ආදරෙයි කියලා අහගන්න එක.
ඒ ආදරේ කටින් නොකිව්වත් ආදරේ දැනෙන විදිහට දේවල් කරනවා නම් සතුටින් ආදරේ කරන්න පුළුවන්. ඒ කියන්නේ වැරදිවලට සමාව දෙන එක, හොඳ දේවල් අගය කරන එක, ජිවිතේ අමාරුම කාලවලදීත් ආදරේ කරන එක, ආරක්ෂා කරන එකත් ආදරේ තමයි.
ගොඩක් වෙලාවට ජිවිතේ අමාරු කාල වලදී තමයි අපිට ඇත්තටම ආදරේ අය අඳුරගන්න පුළුවන්. හරියටම කිව්වොත් මේකත් ඒ වගේ දෙයක් තමයි. අමාරුම වේලාවකදී වුණත් තමන් ආදරේ කරන කෙනාව තෝරාගන්න පුළුවන් නම්, ඒ කැප කිරීම කරන්න ශක්තියක් තියෙනවා නම් එතන තමයි ආදරේ සතුට තියෙන්නේ.
ඉතින් ඔයාත් ඔයාගේ Partner එක්ක හැමදාම සතුටින් ඉන්න කැමති නම් මේ Tips Try කරලා බලන්න.