18 September 2025

logo

දියවඩන නිලමේ නිලවරණයට දින තීන්දු වෙයි



මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7වනදා හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න පවසනවා. 

වත්මන් දියවඩන නිලමේවරයාගේ ධූර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස 7වනදා අවසන් වුණා. 

ඒ අනුව නව දියවඩන නිලමේවරයෙක් තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ නොවැම්බර් මස 7වනදා හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)