ඇමරිකාවේ පවත්වන එමී සම්මාන උළෙලේදී සම්මානයක් දිනූ ළාබාලතම නළුවා බවට ඕවන් කූපර් සමත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු රංගනයෙන් දායක වූ 'ඇඩොලසන්ස්' නාට්‍ය මාලාව සඳහා මෙම සම්මානය ඔහුට හිමි වූ බවයි.
ඕවන් කූපර් මේ වන විට 15 හැවිරිදි වියේ පසුවනවා.
මේ අතර එමී සම්මාන උළෙලේදී හොඳම කැපී පෙනෙන ප්‍රහසන උත්පාදන නළුවා ලෙස සෙත් රෝගන් සහ හොඳම ප්‍රහසන උත්පාදන නිළිය ලෙස ජීන් ස්මාර්ට් සම්මාන දිනා ගැනීමට සමත්වී තිබෙනවා.
(colombotimes.lk)