අපේ මොළය ගොඩක් Powerful. කොච්චර Powerful වුණත් අපේ මොලයට රැකවරණයක් ඕනේ. හැබැයි අපේ සමහර පුරුදු නිසා අපේ මොළයට හානි වෙනවා. ඒ වගේම මේ පුරුදු දිගින් දිගටම කරන එකෙන් මොලයට ලොකු හානියක් වෙලා විවිධ ලෙඩ රෝග හැදෙන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් අද Colombo Times අපි කියනවා ඒ පුරුදු මොනවද කියලා.
1. නිතරම අඳුරු පරිසරයක කාලය ගත කිරීම
ස්වභාවික ආලෝකයට නිරාවරණය නොවීමෙන් අපේ මොළයේ සෙරොටොනින් මට්ටම අඩු වෙනවා. ඒකෙන් මානසික ආබාධ ඇති වෙනවා වගේම අවධානය දුර්වල වෙලා යනවා.
ඒ නිසා දිවා කාලයේදී ඔබේ නිවසේ දොර ජනෙල් විවෘත් කරනන. ඒ වගේම දිනපතා හිරු එළිය විනාඩි 10-20 ක් නිරාවරණය වෙන්න අමතක කරන්න එපා.
2. හොඳ නින්දක් නොමැතිකම
නින්ද කියන්නේ අපිට අත්‍යවශ්‍යම දෙයක්. හොඳ නින්දක් නැති වුණොත් ඉගෙනීම, මතකය සහ චිත්තවේගීය පාලනය කිරීමේ හැකියාව නැති වෙලා යනවා.
ඒක වළක්වා ගන්න අපිට සෑම රාත්‍රියකම පැය 7-9 ක නින්දක් ලබා ගන්න ඕනේ. ඒ වගේම නින්ද සඳහා කාලසටහනක් තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට ඔයාට මේ වෙලාවට නිදාගන්නවා. මේ වෙලාවට ඇහැරෙනවා කියලා දන්නවා. ඒකට අපේ මොළය හුරු වෙනවා. ඒ වගේම නිදාගන්න පැයකට කලින් Digital screen වලින් ඈත් වෙන්න.
3. නිතරම ඍණාත්මක පුවත් ඇසීම
නිතරම ඍණාත්මක දේවල් අහන එකෙන්, බලන එකෙන් අපේ මොළයට හානි වෙනවා. විශේෂයෙන්ම මානසික ආතතියට, කාංසාව, බිය වගේ තත්වයන් ඇති කරනවා. මේ දේවල් නිසා මොළයේ සමහර කොටස් කුඩා වීම හෝ දුර්වල වීම සිදු වෙන්න පුළුවන්.
ඒ නිසා ඔයා ප්‍රවෘත්ති බලන කෙනෙක් නම් දවසේ එක වෙලාවක් විතරක් ප්‍රවෘත්ති බලන්න තියාගන්න. හැබැයි සමබර පුවත් මුලාශ්‍රයක් තෝරාගන්න. ඒ වගේම Negative දේවල් හැමවෙලාවෙම කියන අය ඔයා වටේ ඉන්නවා නම් පොඩ්ඩක් එයාලගෙන් ඈත් වෙන්න.
4. සමාජීයව හුදකලා වීම
මිනිස්සු කියන්නෙම සමාජශීලි අය. හැබැයි ඔයා නිතරම සමාජීය වශයෙන් හුදකලා වෙලා ඉන්න කැමති කෙනෙක් නම් ඔයාගේ මොළයට ගොඩක් හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කාත් එක්කවත් කතා කරන්නේ නැත්නම්, ඒ වගේම එකතු වෙලා කරන දේවල්වලට සහභාගී වෙන්නේ නැත්නම් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයා හුදකලාව ඉන්න එකෙන් මානසික අවපීඩනය, සිතීමේ ශක්තිය, තීරණ ගැනීමේ හැකියාව නැති වෙන පුළුවන් වගේම ඇල්සයිමර් වගේ රෝගයන් වැළඳීමේ අවදානම වැඩි කරනවා.
ඉතින් ඔයාට පුළුවන් යාළුවෝ එක්ක, පවුලේ අය එක්ක කාලය ගත කරන්න. ඒ වගේම ඔයා ඉන්න ප්‍රදේශයේ තියෙන Communities වලට Join වෙන්න පුළුවන් නම් මේ තත්වය වළක්වා ගන්න පුළුවන්.
5. Headphones අධික ශබ්ධයෙන් භාවිතා කිරිම
අපි ගොඩක් වෙලාවට Headphones වලින් ගොඩක් හයියෙන් සින්දු අහනවා. හැබැයි ඒ විදිහට ඝෝෂාකාරී සංගීතය ශ්‍රවණය කරන එකෙන් ඉතාමත් වේගයෙන් මතකය සම්බන්ධ ගැටළු ඇති කරනවා. ඒ වගේම මොළය දුර්වල කරනවා, අපිට හරි අවධානයකින් වැඩ කරන්න බැරි වෙනවා වගේ දේවල් සිද්ධ වෙනවා.
අපි Headphones මොනවා හරි අහනවා නම් පුළුවන් තරම් Volume එක 60% ට වඩා අඩුවෙන් තියගන්න ඕනේ, ඒ වගේම Noise-Cancelling Headphone එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
6. නිසි ව්‍යායාම නොමැතිකම
ව්‍යායාමවලින් මොළයට රුධිර ප්‍රවාහය සහ ඔක්සිජන් ගමනාගමනය වැඩි කරනවා. ව්‍යායාම නොමැතිකම සංජානන ක්‍රියාකාරිත්වය අඩුවීමට සහ දුර්වල මනෝභාවයට හේතු වෙනවා. අපේ Movement අඩු වෙනකොට මතක ශක්තිය නැති වෙනවා, සිතීමේ වේගය අඩු වෙනවා.
ඒ නිසා අපිට පුළුවන් සතියකට දවස් 4-5ක් අවම වශයෙන් විනාඩි 30 ක් පමණ ව්‍යායාම කරන්න. ඒ වගේම ඇවිදීම, නැටුම්, පිහිනීම සහ යෝග වගේ දේවල් කරන්න.
7. Digital Screen ඉදිරියේ වැඩිපුර කාලය ගත කිරීම
Digital Screen වල වැඩි වෙලාවක් කාලය ගත කරන එකෙන් අවධානය යොමු කිරීමේ හැකියාව නැති වෙනවා. ඒ වගේම හොඳ නින්දක් ලබා ගන්නත් බැරි වෙනවා.
විශේෂයෙන් රාත්‍රියේදී Digital Screen වලින් නිකුත් වන නිල් ආලෝකය මොළය ව්‍යාකූල කරනවා. ඒ නිසා ඔයාට නිදා ගැනීමට උපකාර වන මෙලටොනින් හෝමෝනය අඩු කරනවා.
ඔයාට මේ දේ නතර කරගන්න කරන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් තියෙනවා. ඒ තමයි 20-20-20 Rule එක. සෑම මිනිත්තු 20කට සැරයක් Screen එක බලන එක නවත්වන්න. ඊටපස්සේ අඩි 20ක් පමණ දුරින් ඇති දෙයක් දෙස තත්පර 20ක් බලන්න. එක තමයි 20-20-20 Rule එක.
8. අධික සීනී පරිභෝජනය
අධික ලෙස සීනි පරිභෝජනය කිරීමෙන් අපේ මතකයට ලොකු හානියක් වෙනවා. විශේෂයෙන්ම මතකය අමතක කරවන ඩිමෙන්ශියා රෝගය ඇති වෙනවා වගේම, මොලයේ ක්‍රියාකාරිත්වය මන්දගාමී කරනවා.
එය වළක්වා ගන්න සැකසූ පැණිරස කෑම ගැනීමෙන් වළකින්න ඕනේ. පැණි රස දෙයක් කන්න ඕනේ වුණොත් පළතුරු වර්ග කෑමට ගන්න. ඒ වගේම ඇට වර්ග, යෝගට් වගේ කෑම ගන්න.
මේ දේවල්වලට අමතරව ඔයාට පුළුවන් මානසිකව ක්‍රියාශීලීව ඉන්න ප්‍රහේලිකා විසඳන්න, පොත් කියවන්න, අලුතෙන් දෙයක් ඉගෙනගන්න. ඒ වගේම හොඳින් ජලය පානය කරන්න, Meditation කරන්න, ඔමේගා-3, ප්‍රතිඔක්සිකාරක සහ විටමින් බහුල සමබර ආහාර වේලක් ගන්න.
(colombotimes.lk)