18 September 2025

logo

මෙරට Passport එකට ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල හිමි වූ ස්ථානය



ගෝලීය ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 2025 වර්ෂයේදී එක් ස්ථානයකින් පහත වැටී තිබෙනවා. 

සැප්තැම්බර් මස 11වනදා නිකුත් කළ 2025 වර්ෂය සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව ශ්‍රී ලංකාවට 97වන ස්ථානය හිමි වී තිබෙන බවයි සඳහන් වන්නේ. 

2024 වර්ෂයේදී ශ්‍රී ලංකාව විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ 96වන ස්ථානයේ පසුවුණා. 

ශ්‍රී ලංකාව සමඟ ඉරානය ද මෙම දර්ශකයේ 97වන ස්ථානයේ රැඳී සිටින බවයි සඳහන් වන්නේ. 

මෙම විදෙස් ගමන් බලපත්‍ර දර්ශකයේ පහළම ස්ථානය හිමිවී  ඇත්තේ ඇෆ්ගනිස්ථානයටයි. 

(colombotimes.lk)