පහුගිය දවස්වල TikTok එකේ Trend එකක් ගියා My Boy Friend rules කියලා එකක්. සමහරවිට ඔයත් ඒක දකින්න ඇති. ඒ වගේම කරන්නත් ඇති. makeup දාන්න බැහැ, රෑට එලියට යන්න බැහැ, Tattoos කරන්න බැහැ, කොණ්ඩෙට මොකුත් කරන්න බැහැ, පිරිමි යාළුවෝ ආශ්‍රය කරන්න බැහැ. ඒ විතරක් නෙමෙයි නිදාගන්නත් time එකක් දීලත් තියෙනවා. එතන තියෙන්නේ ඇත්තම ආදරේද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. සමහර අය rules වලට කැමතියි. සමහර අය අකමැතියි. මොකද එක එක අය ආදරේ කරන විදිහ වෙනස්.
ඒ කොහොම වුණත් අපිට ඇත්ත ආදරේ මොකක්ද කියලා හොයාගන්න ගොඩක් කාලයක් යනවා. සමහරවිට දැනටමත් ඔයා ආදරේ කරනවා ඇති. හැබැයි ඔයා දන්නේ නැහැ නේද එයා ඔයාට ඇත්තටම ආදරෙයිද කියලා. ඉතින් අද අපි කියන්න යන්නේ එයා ඔයාට ඇත්තටම ආදරෙයිද කියලා හොයාගන්න Tips 5ක්.
1. එයත් එක්ක ඉද්දි සැනසීමක් දැනෙනවා
ඔයාට එයා ඇත්තටම ආදරෙයි නම් කිසිම වෙලාවක කාංසාවට, කනස්සලට පත් කරන්නේ නැහැ. හරියටම කිව්වොත් ඔයාට පුළුවන් එයා ළඟ ඔයා විදිහටම ඉන්න. වෙන කෙනෙක් වගේ හැසිරෙන්න, මවා පාන්න ඕනේ නැහැ.
මොකද සමහර අය හිතනවා මගේ Partner ඉන්න ඕනේ මම කියන විදිහට, මම කියන දේවල් කරන්න ඕනේ කියලා. ඔයාව වෙනස් කරන්න හදනවා අරයා වගේ වෙන්න, මෙයා වගේ වෙන්න, මේ දේවල් කරන්න කියනවා. මේ විදිහට කරන එකෙන් අනිත් කෙනාට ලොකු පීඩනයක් ඇති වෙනවා, සමහරවිට දරගන්නම බැරි වෙන්න පුළුවන්. ඔයාටත් ඒ වගේ Partner කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් හිතලා බලන්න.
හැබැයි එයා ඔයාට ඇත්තටම ආදරෙයි නම් එහෙම කරන්නේ නැහැ. ඔයාට ඔයා විදිහට එයා ළඟ ඉන්න පුළුවන්. මොකද එයා ඔයාගේ විදිහට කැමතියි. ඒක ලොකු සැනසීමක්. ඉතින් එයා ළඟ ඉන්නකොට ඔයාටත් මේ විදිහට දැනෙනවා නම් එයා ඔයාට ඇත්තටම ආදරෙයි.
2. හැමදේටම Support කරනවා
අපි හැමෝටම ඕනේ ඉස්සරහට යන්න. හැබැයි සමහර වෙලාවට සමහර Partnersලා කැමති නැහැ අනිත් කෙනා ඉස්සරහට යනවට. හැබැයි එයා ඔයාට ඇත්තටම ආදරෙයි නම් එහෙම කරන්නේ නැහැ. ඔයාගේ හීන, ඉලක්කවලට යන්න ඔයාට උදව් කරනවා.ඒ වගේම ඔයාගේ ජයග්‍රහණවලදී ලොකු support එකක් දෙනවා. ඔයාව හැමවෙලාවෙම ඉස්සරහට අරන් යන්න එයා ඕනෙම දෙයක් කරනවා. ඒ වගේම එයා ඔයාගේ ඔලුව කන්නේ නැතුව ඔයාට ඕනේ හැමවෙලාවකම ළඟින් ඉන්නවා.
3. ඕන දෙයක් කියන්න පුළුවන්
ගොඩක් වෙලාවට අපි එයාට තරහා යයි කියලා හිතලා සමහර දේවල් කියන්නේ නැතුව හිතේ තියාගෙන ඉන්නවා. මොකද කලින් එහෙම දෙයක් වෙලා තියෙනවා නම් කිසිම වෙලාවක ඔයාගේ Partner සමහර දේවල් කියන්නේ නැහැ. මොකද ඔයා දන්නවා එහෙම කිව්වම එයාට තරහ යනවා, රණ්ඩු වෙනවා කියලා. හැබැයි එයා ඔයාට ඇත්තටම ආදරෙයි නම් එහෙම වෙන්නේ නැහැ. ඔයාට ඕනේ දෙයක් එයා එක්ක Share කරගන්න පුළුවන්. ඒකට ඕනේ ප්‍රධානම දේ තමයි එකිනෙනාට ගරු කිරීම සහ සවන් දීම. ඒ දේවල් දෙන්නටම පොදුයි.
ඉතින් එයා ඔයාට ඇත්තටම ආදරෙයි නම් ඔයාට ගරු කරනවා, සවන් දෙනවා වගේම ප්‍රශ්නවලට උත්තරත් හොයාගන්නවා. හැබැයි එයා ඔයාට ඇත්තටම ආදරේ නැත්නම් එයා කියන දේවල් විතරයි ඔයාට අහගෙන ඉන්න වෙන්නේ.
4. එකිනෙකාගේ වෙනස්කම්වලට ගරු කරනවා
අපි හැමෝම එක වගේ නැහැ. එක එක අය එක එක විදිහයි. සමහර අය හොයනවා ලස්සන අය, ඉගෙනගත්ත අය, දක්ෂ අය. තව සමහර අය මේ මොන දේ නැතත් ආදරේ විතරක්ම හොයනවා. ඒ කොහොම වුණත් අපි හැමෝම එක වගේ නෙමෙයි. අපි හැමෝටම ඕනේ එකම වගේ දේවල් නෙමෙයි. ඒවා එකිනෙකට වෙනස්. අපිට තරහා යනවා, දුක හිතෙනවා, රණ්ඩු වෙනවා, සමහර ගති පැවතුම් තියෙනවා. මේ දේවල් අපි Accept කරන්න ඕනේ. එතන තමයි ආදරේ තියෙන්නේ. මොකද අපි හැමෝම Perfect අය නෙමෙයි. හැබැයි එයා බලාපොරොත්තු වෙන්නේ ඔයාගෙන් perfect කෙනෙක් නම් එතන ආදරයක් නැහැ. ඔයාව, ඒ වගේම ඔයාගේ ගතිපැවතුම් එයා Accept කරනවා නම්, ඒවාට ගරු කරනවා නම් එයා ඇත්තටම ඔයාට ආදරෙයි.
5. විශ්වාසය
විශ්වාසය අංක 01ට තියෙන්න ඕනේ. මොකද එයාට මෙච්චර කල් මම කියලා කියපු හැමදේම අපි කියලා වෙනස් කරගන්න සිද්ධ වෙනවා. අපි හිතමු මෙහෙම. ඔයාලා දෙන්නට ප්‍රශ්නයක් එනවා. ඒ වෙලාවට දෙන්නත් එකක් කතා කරද්දී අපි මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ, මේ විදහට කලොත් අපිට මෙහෙම වෙයි. ඒ වගේ දේවල් තමයි එයා ඔයාට ඇත්තටම ආදරෙයි නම් කියන්නේ. එහෙම නැත්නම් එයා හැමවෙලාවෙම කියන්නේ මම, මගේ කියලා විතරයි. එතන තියෙන්නේ ආදරයක් නෙමෙයි, ආත්මාර්ථකාමීකමක්. හැබැයි එයා ඔයාට ඇත්තම ආදරෙයි නම් ඔයා ගැන තියෙන විශ්වාසයත් එක්ක මම කියන හැමදේම අපි විදිහට වෙනස් කර ගන්නවා.
ඉතින් මෙන්න මේ දේවල් එයා ළඟත් තියෙනවා නම් එයා ඔයාට ඇත්තටම ආදරය කරනවා. හැබැයි එහෙම නැත්නම් ඔයා ආයෙත් ඔයාගේ Partner හරිම කෙනාද කියලා හිතලා බලන්න.
(colombotimes.lk)