13 September 2025

logo

ජනාධිපති හිමිකම් පනතෙන් හිටපු ජනපතිවරුන්ට 2024 වසරේදී වියදම් කළ මුදල



ජනාධිපති හිමිකම් පනත යටතේ 2024 වසරේදී වියදම් කර ඇති මුදල් ප්‍රමාණය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත යටතේ 2024 වසරේදී වියදම් කර ඇති මුදල් ප්‍රමාණය පහතින්,
     
01. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග - රුපියල් 11,664,348

02. මහින්ද රාජපක්ෂ - රුපියල් 54,652,990

03. මෛත්‍රීපාල සිරිසේන - රුපියල් 15,772, 450

04. ගෝඨාභය රාජපක්ෂ - රුපියල් 10,222,881

05. රනිල් වික්‍රමසිංහ - රුපියල් 3,492,309

(colombotimes.lk)