ඊශ්‍රායලය ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාරයක් සිදු කර ඇති බව එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසම පවසනවා.
ජාත්‍යන්තර නීතිය යටතේ අර්ථ දක්වා ඇති ජන සංහාරක ක්‍රියාවන් 05න් 04ක් 2023 වසරේදී හමාස් සමඟ යුද්ධය ආරම්භ කළ දවසේ සිට ඊශ්‍රායලය සිදු කර ඇති බවට නිගමනය කිරීමට සාධාරණ හේතු ඇති බව නව වාර්තාවක සඳහන්.
ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ එම වාර්තාව 'විකෘති හා අසත්‍ය' ලෙස හෙළා දකිමින් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
(colombotimes.lk)