නිට්ටඹුව - කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අනතුරෙන් සෙබළුන් 22ක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එමෙන්ම 20 දෙනෙක් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති අතර රියදුරු සහ යුධ හමුදා සෙබළෙක් තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)