හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබෙනවා.
ඒ දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙක්ට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පැය කිහිපයක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබෙනවා.
(colombotimes.lk)