11 July 2025

logo

අල්ලස් කොමිසමෙන් රනිල්ට යළි දිනදෙයි



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එළඹෙන 25වනදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබෙනවා.

ඒ ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහි පැමිණිල්ලකට අදාළව සිදු කරන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

එළඹෙන 25වනදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අල්ලස් කොමිසම දැනුම්දී තිබෙනවා.


(colombotimes.lk)