13 December 2025

logo

ආහාර සුරක්ෂිතතා කමිටුව විශේෂ වැඩකට රැස්වෙයි



රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර සුරක්ෂිතතා කමිටුව 06 වන වරටත් අද (21) රැස්වී තිබෙනවා.

ඒ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම කමිටුව රැස්වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන පුද්ගලයන් ද අමාත්‍යාංශය ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවන් ද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි.

(colombotimes.lk)