colombotimes.lk
සිංහල | English

05 May 2024

සතියක් තුළ ඩෙංගු රෝගීන් 2,479 ක් වාර්තා වෙයි



ගත වූ සතිය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 2,479 ක් වාර්තා වී තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අද (08) නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙනවා. 

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් ගණනක් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වලින් වාර්තා වන බවයි එහි දැක්වෙන්නේ. 
 
එමෙන්ම මහනුවර, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලින් ද සැලකිය යුතු රෝගීන් පිරිසක් වාර්තා වී තිබෙන බව ද එහි සඳහන්. 
 
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාව පහතින්...
(colombotimes.lk)