10 May 2025


දේශපාලඥයින් 40කට අල්ලස් චෝදනා



අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් පිළිබඳ දේශපාලඥයින් 40කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

මින් වැඩි පිරිසක් ප්‍රාදේශීය දේශපාලඥයින් බව එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළා.

අරගලයෙන් පසු ප්‍රධාන පෙළේ දේශපාලඥයින්ට එරෙහිව පැමිණිලි ඉදිරිපත් වීම සැළකිය යුතු ලෙස අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)