09 May 2025


අවුරුද්දට ගමේ යන්න ප්‍රවාහන පසුකම් රැසක්



සිංහල - හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා අතිරේක බස් සේවා සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි කියා සිටියේ අතිරේක බස් රථ 500ක් යොදවා ඇති බවයි.

එමෙන්ම අතිරේක දුම්රිය ගමන්වාර 40ක් ක්‍රියාත්මක කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොටුව දුම්රිය ස්ථානයේ සිට බදුල්ල, බෙලිඅත්ත, ත්‍රිකුණාමලය, මහනුවර, අනුරාධපුරය සහ ගාල්ල යන ගමනාන්ත දක්වා මෙම දුම්රියන් ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අතිරේක බස් රථ ද යොදවා ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.     

(colombotimes.lk)