10 May 2025


ගාමිණී - මහින්ද - වාසු පාර්ලිමේන්තු ඇවිත් අදට වසර 54ක්



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, හිටපු අමාත්‍යවරයෙකු වන ගාමිණී දිසානායක යන දේශපාලඥයින් තිදෙනා පාර්ලිමේන්තුවට පත් වී අදට (27) වසර 54ක් සපිරෙනවා.

1970 වසරේ මැයි 27 වනදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පළමු වරට ඔවුන් තිදෙනා පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්තා.

නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසනයෙන් වැඩි ඡන්ද 6626කින් මහින්ද රාජපක්ෂ තේරී පත් වූ අතර ලංකා සම සමාජ පක්ෂයේ කිරිඇල්ල ආසනයෙන් වැඩි ඡන්ද 6180කින් වාසුදේව නානායක්කාර තේරී පත් වුණා.

එමෙන්ම ගාමිණී දිසානායක එජාප අපේක්ෂකයා ලෙස නුවරඑළිය ආසනයෙන් වැඩි ඡන්ද 2077ක් හිමි කර ගනිමින් පාර්ලිමේන්තු වරම් හිමි කර ගත්තා.

(colombotimes.lk)