28 May 2026

logo

කෙන්යාවේ පාසලක ගින්නක්



කෙන්යාවේ ගිල්ගිල් ප්‍රදේශයේ නේවාසික පාසලක ගින්නක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස ඇති වූ ගින්නෙන් සිසුන් 17දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. 
 
එමෙන්ම තවත් සිසුන් 74දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබෙනවා. 

එරට පොලීසිය සඳහන් කළේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඔවුන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. 

(colombotimes.lk)