පිලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙක් යළි පිටුවහල් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අද (08) පියවර ගෙන තිබෙනවා.
ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 045 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ හරහා දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම චීන ජාතිකයා සංචාරක වීසා අනුකාණ්ඩයක් යටතේ වීසා ලබාගෙන මෙරට ක්‍රියාත්මක සමාගමක සේවය සඳහා පැමිණ තිබුණත් ඔහුට නිශ්චිත තොරතුරක් සැපයීමට නොහැකිවීම හේතුවෙන් මෙලෙස යළි පිටුවහල් කර තිබෙනවා.
(colombotimes.lk)