ඉතාලියේ ප්‍රධාන භූමිය මෙන්ම සිසිලියා දූපත හා සම්බන්ධ කරමින් ලොව විශාලතම එල්ලෙන පාලම ඉදි කිරීමට ඉතාලි රජය අවසර දී තිබෙනවා.
යූරෝ බිලියන 13.5ක් (ඇමරිකානු ඩොලර් බිලියන 24.2) වටිනා මෙම ව්‍යාපෘතිය පරිසරයට ඇතිවිය හැකි බලපෑම්, භූමිකම්පා අවදානම සහ මාෆියා කණ්ඩායම්වල බලපෑම් වැනි කරුණු හේතුවෙන් දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබුණා.
රෝමයේ පැවති මාධ්‍ය හමුවකදී එරට ප්‍රවාහන අමාත්‍ය Matteo Salvini සඳහන් කළේ මෙම මෙසීනා සමුද්‍ර සන්ධියේ පාලම 'බටහිර ලෝකයේ විශාලතම යටිතල පහසුකම් ව්‍යාපෘතිය' බවයි.
මෙම පාලම 'ජාත්‍යන්තර වැදගත්කමක් ඇති ඉංජිනේරු සංකේතයක්' වන බව අගමැති Giorgia Meloni සඳහන් කළා.
(colombotimes.lk)