08 August 2025

logo

වසර 28කට පෙර අතුරුදන් වූ පුද්ගල මළ සිරුරක් හමුවෙයි



වසර 28කට පෙර අතුරුදන් වූ පුද්ගලයෙක්ගේ මළ සිරුරක් පාකිස්ථානයේ ග්ලැසියරයක් තුළ තිබී සොයා ගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම පුද්ගලයා 1997 ජුනි මාසයේදී හිම කුණාටුවක් අතරතුර ග්ලැසියර කුහරයකට වැටී අතුරුදන්වී සිටී බවයි. 

සිය සොහොයුරා සමඟ ඔහු මෙම ප්‍රදේශයේ අශ්වයෙක් පිට ගමන් කරමින් සිටියදී මෙසේ අනතුරට ලක්වී තිබෙනවා. 

මිය ගිය පුද්ගලයාගේ සොහොයුරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ඔහුව සොයා මෙහෙයුම් දියත් කළත් මළ සිරුර සොයා ගැනීමට අපහසු වූ බවයි. 

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ මළසිරුරට හෝ ඇඳුම්වලට කිසිඳු හානියක් නොවී නොවෙනස්ව තිබීමත් විශේෂත්වයක්. 

මේ පිළිබඳව අදහස් දැක්වූ ඉස්ලාමාබාද්හී කොම්සැට්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් සඳහන් කළේ ශරීරයක් ග්ලැසියරයකට වැටෙන විට, අධික සීතල එය වේගයෙන් කැටි කර, දිරාපත්වීමේ ක්‍රියාවලිය නතර කරන බවයි.

Body of missing father found perfectly intact inside glacier in Pakistan 28  years after he disappeared

(colombotimes.lk)