16 December 2024


ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුමක්



ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් හුවමාරු කර ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවී තිබෙනවා.

එලෙස හුවමාරු කරගෙන ඇත්තේ ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ ශ්‍රී ලාංකික සිවිල් පරිපාලකයන් පුහුණු කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දෙරට නියෝජනය කරමින් මෙම අවබෝධතා ගිවිසුම හුවමාරු කරගැනීම සිදුකර තිබෙනවා.

(colombotimes.lk)