විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) සිට ආරම්භ කරන බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
කොමිෂන් සභාව සඳහන් කළේ මහජන අදහස් ලබා ගැනීම ජනවාරි 08 වනදා දක්වා සිදු කිරීමට නියමිත බවයි.
එම අදාළ යෝජනා විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය, ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 06 වන මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන, කොළඹ 03 යන ලිපිනයට මෙන්ම info@pucsl.gov.lk යන විද්යුත් තැපෑල ඔස්සේ යොමු කිරීමට හැකියාව පවතිනවා.
එම කොමිසම වැඩිදුරටත් කියා සිටියේ මහජන උපයෝගිතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමෙන් වෙන්කර ඇති ස්ථානවලදී අදහස් ඉදිරිපත් කළ හැකි බවයි.
(colombotimes.lk)