අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියට ව්‍යාජ දත්ත ඇතුළත් කර තිබීම සම්බන්ධයෙන්.
අමාත්‍යවරයා සඳහන් කළේ යම් අයෙක් තමාව අපකීර්තියට පත්කිරීමට හෝ තම දේශපාලනය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීමේ අරමුණින් ව්‍යාජ දත්ත ඇතුළත් කිරීමක් කළ බවට සැක සහිත බවයි.
පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ එම අමාත්‍යවරයාගේ නම ඉදිරියේ අචාර්ය යනුවෙන් සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් පසුගියදා අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ලක් මත එය නිවැරදි කිරීමට කටයුතු කළා.
(colombotimes.lk)