මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයේ විටින් විට පවතින අධික මීදුම් තත්ත්වය නිසා විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් හටගෙන තිබෙනවා.
විශේෂයෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල, කැරලයිනා, දියගල, කඩවල, ගිණිගත්හේන යන ප්‍රදේශවලත් හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, රදැල්ල, නානුඔය යන ප්‍රදේශවලත් විටින් විට මාර්ගය නොපෙනී යන ආකාරයෙන් දැඩිව මීදුම පවතින බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමුකර එම මාර්ගවල රථ වාහන ධාවනය කිරීමේදී තම රථ වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ඉතාමත් කල්පනාකාරීව ධාවනයට පියවර ගන්නා ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
(colombotimes.lk)