10 September 2025

logo

සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් හමුවෙයි



පියල් මනම්පේරිගේ සහෝදරයෙක් වන සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් ඊයේ (09) ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. 

ඒ ඇඹිලිපිටිය නව නගරයේ ගරාජයක් තුළ තිබියදීයි. 

මීට දින 4කට පෙර පුද්ගලයෙක් පැමිණ මෙම මෝටර් රථය සම්පත් මනම්පේරිට ලබාදෙන ලෙස පවසමින් අදාළ මෝටර් රථය දමා ගිය බව මේ සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබෙනවා. 

(colombotimes.lk)