10 September 2025

logo

ලුම්බිණියට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉවත් කර ගැනීමට පියවර



නේපාලයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් සුරක්ෂිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ ගොඩබිම් මාර්ගයේ ඔස්සේ ඉන්දියාවේ සිට නේපාලයේ ලුම්බිණි බලා ගිය ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 73දෙනෙක් ඉවත්කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි. 

පද්ධති දෝෂයක් පැවතුන ද ඒ සඳහා නේපාල සංක්‍රමණික බලධාරීන් සමඟ සම්බන්ධීකරණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා. 


(colombotimes.lk)