24 February 2026

logo

නේපාලයේ විරෝධතා තීව්‍ර වෙයි - තවත් ස්ථාන 02ක් ගිනිබත් කරයි



පවතින විරෝධතා හමුවේ නේපාලයේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට සහ විශේෂ දූෂණ විරෝධී අධිකරණයකට විරෝධතාකරුවන් ගිනි තබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාර සිදුවී ඇත්තේ අග්‍රාමාත්‍ය කේ. පී. ශර්මා ඔලි සිය ධූරයෙන් ඉල්ලා අස්වූ මොහොතකට සුළු වේලාවකට පසුව බවයි. 

මේ වන විට අගමැති මෙන්ම නේපාල ජනපති රාම් චන්ද්‍ර පවුඩෙල් ද සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ මෙම ඉල්ලා අස්වීමත් සමඟ නේපාලයේ දේශපාලන අර්බුදය තවදුරටත් උත්සන්න වී ඇති බවයි.

(colombotimes.lk)