කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු කියා සිටියේ ප්‍රහාර දියත් කිරීමේ තීරණය අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බවත් එය තමන්ගේ නොවන බවයි.
කටාර්හී හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය 'ඊශ්‍රායලය හෝ ඇමරිකාවේ ඉලක්ක ඉදිරියට ගෙන නොයන' බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රහාරය සිදු වූ ස්ථානය පිළිබඳව තමාට 'ඉතා කණගාටුදායක' හැඟීමක් ඇති බවයි.
ඊශ්‍රායලය දෝහා අගනුවර හමාස් සංවිධානයට පහර දෙන බව ඇමරිකානු හමුදාව විසින් තමාට දැනුම් දුන් නමුත්, 'අවාසනාවකට මෙන්, ප්‍රහාරය නැවැත්වීමට ප්‍රමාද වැඩියි' යනුවෙන් Truth Social සටහනකින් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)