අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් මොරටුව මහනගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ සැප්තැම්බර් 23වනදා දක්වායි.
ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.
මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සිය හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවකට ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)